තවත් ශ්‍රීලංකන් යානාවක් ඉවත් කිරීමට සූදානම්


ශ්‍රීලංකන් ගුවන් සමාගම සතු පැරණිතම යානාවක් වන ලියාපදිංචි අංක 4R-ALB දරන එයාර්බස් A 330-200 යානාව එළඹෙන සති දෙක තුල සේවයෙන් විශ්‍රාම ගන්වනු ඇති බව පැවසේ.


මේ වන විට වානිජ ගුවන් ගමන් වලින් ඉවත්කර ඇති මෙම යානාව තම අවසන් ගුවන් ගමන සිදුකිරීම සඳහා ඉංජිනේරු අංශය විසින් සූදානම් කරමින් පවතී.


රෝල්ස් රොයිස් හි නිශ්පාදිත RR Trent700 එන්ජින් දෙකක් ඔස්සේ ජවගැන්වුන මෙම යානාවේ ආසන පද්ධතිය ව්‍යාපාරික පන්තියේ ආසන 18 ක් සහ පිරිමැසුම්දායි පන්තියේ ආසන 251 ක් ලෙස සකස් ව තිබින.


1999 වසරේ නොවැම්බර් මස ශ්‍රීලංකන් ගුවන් සමාගම හා මෙම යානාව එක්ව ඇති අතර වසර 24 කට ආසන්න කාලයක් සේවයේ යෙදවීමෙන් පසු එහි හිමිකාරීත්වය දරන සමාගම විසින් කොටස් කිරීම සඳහා යොමුකිරීමට සැලසුම් කර ඇති බව පැවසේ.


ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මෙම යානාව ද ප්‍රංශයේ එයාර්බස් සමාගමෙන් නවීන යානාවක් ලෙස සෘජුවම ලබාගන්නා ලදි.




Post a Comment

Related Posts

Airline-safe top picks: Power banks for travel
Read more