යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පහසුකම් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුළලක් ලෙස නම් කිරීමත් සමග මේ වනවිට මගීන් 60 දෙනෙකු රැගත් යානයක් දිනපතා ඉන්දියාවේ චෙන්නායි සිටි යාපනය දක්වා පැමිණෙනවා.

ඉදිරියේදී ඉන්දියාවේ ඉන්ඩිගෝ සමාගමට අයත් ගුවන්යානා ද චෙන්නායි සහ යාපනය අතර ගුවන් මෙහෙයුම් සිදුකිරීමට නියමිතයි.

එම ගුවන්තොටුපළ නිරීක්ෂණය කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 200ක් පමණ වැය කිරීමට සිදුවන බව සඳහන් කළා.

මගී පර්යන්තය පුළුල් කිරීම සහ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් පිහිටුවීම ඒ යටතේ සිදුකෙරෙනවා.

සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආගමන විගමන හා රේගු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ද සිදුකිරීමට නියමිතයි.



Post a Comment

Related Posts

Airline-safe top picks: Power banks for travel
Read more