එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් නවත්වයි!





එමිරේට්ස් ගුවන් සේවය ඊශ්රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිහිටුවා ඇති බව එමිරේට්ස් නිල වෙබ් අඩවිය නිවේදනයක් මගින් ප්රකාශ කර තිබේ.

ඊශ්රායලයේ පවතින යූධමය වාතාවරණය යටතේ ඊශ්රායලයේ ටෙල්අවිව්
නුවර සිට නියමිත කාළසටහනකට අනුව ගුවන් ගමන් මෙහෙයුම් ක්රියාත්මක නොවන නිසා , මෙසේ එමිරේට්ස් ගුවන් සේවය ඊශ්රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු අත්හිහිටුවීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ සදහන් වේ.

ඊශ්රායල සහ අනෙකුත් රටවල ගුවන් සේවා බලධාරීන් සමග සමීපව කරුණු අධ්යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹීමට සිදු කෙරුණු බව එමිරේට්ස් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා emirates වෙබ් අඩවියට පිවිසෙන ලෙස ඔවුන් වැඩිදුරටත් දන්වා සිටී. 

Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more