රත්මලාන ගුවන් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගිය යානාව

  

ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගනු ලබන සැහැල්ලු ගුවන් යානාවක් තම පුහුණු පියසැරියක් නිමා කර ගොඩබැස්වීමට ලක්කිරීමේ දී ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් සුලු අනතුරකට මුහුණ දුන් අවස්ථාවක් රත්මලාන ගුවන්තොටුපොලින් අද (01) උදෑසන වාර්තා වුනා


මෙම සිදුවීමෙන් යානාවේ සිටි කිසිවෙකුටත් හානි සිදුනොවූ බව සදහන්.


මෙරට ගුවන් නියමු පුහුණු පාසලකට අයත් මෙම යානාව සෙස්නා සමාගමෙහි නිෂ්පාදිත  C -172 යානාවක් වූ බව සදහන් වන අතර එහි ලියාපදිංචි අංකය 4R-FSA ලෙස සටහන්ව ඇති බව ද වාර්තා  වුනා.

සිදුවීම පිළිබඳව විමර්ශන සිදුවීම වාර්තා වී මද වේලාවකින් ආරම්භ කර තිබුනා.



Post a Comment

Related Posts

Happy World Tourism Day!
Read more