ශ්‍රීලංකන් ගුවන් යානා සඳහා පරිසර හිතකාමී “Green Carpet” හඳුන්වාදෙයි

 

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා සඳහා පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet) හඳුන්වා දීමට පියවර ගෙන තිබේස්විට්සර්ලන්තයේ “Lantal Textiles" ආයතනය විසින් නිපදවනු ලබන මෙම හරිත බුමුතුරුණුගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තුලින් සිදුවන පාරසරික බලපෑම අවම කර ගැනීමට උපකාරී වේ.

"ශ්‍රීලංකන් ගුවන් යානා තුළ පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet)  භාවිතයට එක් කිරීම, වඩාත් පරිසර හිතකාමී ගුවන් සේවයක් බවට පත් කිරීමේ අපගේ දිගුකාලීන සැලැස්ම සාක්ෂාත් කර ගැනීමට තවත් එක් පියවරක් ඉදිරියට තැබීමකි. වර්තමානයේදී ලොව පුරා ක්‍රියාත්මක පරිසර හිතකාමී ව්‍යාපාර හා සංචාරක වැඩසටහන්  සැලසුම් කිරීමේ ප්‍රවණතාවයන්ට සමගාමීව ශ්‍රීලංකන් ගුවන් සේවයද මෙවැනි  පරිසර හිතකාමී නව අංගයන්  ඉදිරියේදීත් හඳුන්වාදීමට අපේක්ෂාවෙන් සිටිනවා." ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මරියා සතාසිවම් පැවසී ය.

හරිත බුමුතුරුණු (Green Carpet)  සැහැල්ලු බරින් යුක්ත වන අතර භාවිතයෙන් ඉවතලන ධීවර දැල්, ප්ලාස්ටික් සහ රෙදි කැබැලි වැනි දෑ ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් සකසන ලද විශේෂිත නයිලෝන් වර්ගයකින් නිපදවා ඇත . මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අනෙකුත් නයිලෝන් වර්ග  නිෂ්පාදනයට වඩා ඉන්ධන හා ජලය අවමව භාවිතා වීම ද සුවිශේෂීය.

මෙවැනි සැහැල්ලු බුමුතුරුණු භාවිතය තුලින් ගුවන් යානා පියාසර බර සහ ඉන්ධන පරිභෝජනය  අඩු වන අතර එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 21 ක පමණ ඉතිරියක් ලබාගත හැකිය. මේහා සමගාමීව වාර්ෂිකව පාරසරික බලපෑම ද ටොන් 248.79 කින් පමණ අඩුවනු ඇතැයි පුරෝකතනය කර ඇත.

පරිසරය මත ඇති කෙරෙන බලපෑම අවම කිරීම සඳහා වන මෙම මුලපිරීම ගුවන් සමාගමේ පරිසර හිතකාමී උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මෙහි තවත් එක් අංගයකි. 2009 වර්ෂයේ දී ‘Planet Friendly Flights’ හඳුන්වා දුන් ආසියාවේ ප්‍රථම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වූ අතර 2016 දී Business Traveller ආයතනය විසින් ආසියා පැසිෆික් කලාපයේ දෙවන අඩුම කාබන් විමෝචනය කරන ගුවන් සේවය ලෙස නම් කරන ලදී. එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සමාගම ක්‍රියාත්මක කල  ‘මතක’ ව්‍යාපෘතිය 2022 දෙසැම්බරයේ පැවති ‘Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) Global Aviation’ සම්මාන උළෙලේදී හොඳම ගුවන් සේවා පරිසර හිතකාමී වැඩසටහන සම්මානය දිනා ගැනීමට ද සමත් විය.



Post a Comment

Related Posts

Airline-safe top picks: Power banks for travel
Read more