හනේඩා අනතුරින් ජපාන ගුවන් සේවයට අ.ඩො.මි.100ක පමණ පාඩුවක්

 


ජපාන ගුවන්සේවයට අයත් එයාර්බස් A350 ගුවන්යානයක් ජපානයේ, හනේඩා ගුවන් පථයේදී ගිනි ගනී!
2024 වසරේ ආරම්භය සනිටුහන් වී දිනයක් ගතවන්නටත් ප්රථම ජපානයේ, උතුරු හොකයිඩෝ දූපතේ Shin-Chitose ගුවන්තොටුපළේ සිට ටෝකියෝ හි Haneda ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජපාන ගුවන්සේවයට (Japan Airlines) අයත් A350-900 ගුවන්යානයක් (JAL, flight 516) ගොඩබැස්සවීමෙන් (Runway 34R) අනතුරුව ගිනි ගැනීමට ලක්වුණා.
ජපාන ගුවන්සේවය මෙම නවීන A350-900 ගුවන්යානය මිලදී ගෙන ඇත්තේ මීට වසර 2කට පමණ පෙරයි.
ගුවන් පථයේදී ගුවන්යානය ගිනි බෝලයක් ලෙස ගිනි ගන්නා ආකාරය වීඩියෝ දර්ශන වල දක්නට ලැබුණා.
හනේඩා ගුවන්තොටුපළේ ගිනි නිවන අංශ වහාම ක්රියාත්මක වුණත් ගුවන්යානය ගින්නෙන් ගලවා ගැනීමට තරම් එය ප්රමාණවත් වුණේ නැහැ.
අනතුරට ලක්වන අවස්ථාවේ ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය 379 දෙනෙක් (367 Passengers & 12 Crew) ගුවන්යානයේ ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් නිරුපද්රිතව ගළවා ගැනීමට ජපාන ගුවන්යානා කාර්යය මණ්ඩලයට හැකිව තිබෙනවා.
ජපාන ගුවන්සේවය පවසන ආකාරයට එයාර්බස් 350-900 ගුවන්යානය, හනේඩා ගුවන්තොටුපළ වෙත ගොඩබස්වන අවස්ථාවේදී කුඩා වෙරළාරක්ෂක ගුවන්යානයක ගැටී තිබෙනවා. ඒ හේතුවෙන් ගොඩබෑමෙන් පසුව ගුවන් ධාවන පථයේ ලිස්සා යාමේදී හටගත් ගින්න මෙම අවාසනාවන්ත අනතුරට හේතු වී තිබෙනවා.
ජපාන මාධ්ය වැඩිදුරටත් වාර්තා කරන්නේ වෙරළාරක්ෂක ගුවන්යානයේ කාර්ය මණ්ඩලයේ හය දෙනාගෙන් පස් දෙනෙකු හඳුනාගෙන නොමැති අතර එහි කපිතාන්වරයා පැන ගොස් ඇති බවයි.
සිද්ධියෙන් අනතුරුව ආරක්ෂක හේතූන් මත හනේඩා ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථ සියල්ලම වසා දමා තිබෙනවා.

Post a Comment

Related Posts

ගුවන් ගමන අතරතුර සෑම තිරයකම අසබ්‍ය  චිත්‍රපටියක් තිරගත වීමෙන් පසු මගීන් ගොළු වෙලා
Read more
ඉරාන-ඊශ්‍රායල් ගැටුම මධ්‍යයේ ශ්‍රීලංකන් ලන්ඩන් ගුවන් යානය යළි හරවා යවයි
Read more
කටාර් එයාර්වේස් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට වරප්‍රසාද දීමනා ගාස්තු ආපසු ගෙව
Read more
ගුවන් නියමුවන් වන ෆාමි සයිනාල් සහ මෛත්‍රී ශ්‍රීක්‍රිෂ්ණා ආරක්ෂිත ගොඩබෑමෙන් පසු ට්‍රිචි ගුවන් තොටුපළෙන් පිටව යයි
Read more