ගුවන් ගමන් 200කට වඩා අවලංගුයි!!!

 

පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නියෝග කිරීමෙන් පසුව ඇලස්කා එයාර්ලයින්ස් සමාගම සිය 171 Boeing (BA.N) 737 MAX 9 ගුවන් යානා බිම් ගත කර තිබෙනවා.
ඒ අනුව ගුවන් ගමන් 200 කට අධික ප්රමාණයක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මෙම සතිය පුරාම අවලංගු කිරීම් අඛණ්ඩව පවතිනු ඇතැයි ගුවන් සමාගම පවසනවා.
මෙම අවලංගු කිරීම් නිසා ගුවන් මගීන් 25,000 කට ආසන්න සංඛ්යාවක් බලපෑම් ඇති කළ බවයි සියැටල් පදනම් කරගත් ගුවන් සමාගම පවසන්නේ.
පසුගියදා සති අටක් පැරණි ඇලස්කා එයාර්ලයින්ස් ජෙට් යානයක් හදිසි ගොඩබෑමකට ලක් කළ අතර, ඒ අනුවයි එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය මෙලෙස එම සමාගමේ 171 Boeing (BA.N) 737 MAX 9 ගුවන් යානා බිම්ගත කරන ලෙස උපදෙස් දී ඇත්තේ.
පසුගියදා ඔරිගන්හි පෝට්ලන්ඩ් සිට කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ වෙත ගමන් කරමින් සිටියදී ඇලස්කා එයාර්ලයින්ස් ගුවන් යානයේ වම් පස දොර ගැලවී ගිය අතර, මගීන් 171 දෙනා සහ කාර්ය මණ්ඩලය හය දෙනෙකු සමඟ ආපසු හැරී ආරක්ෂිතව ගොඩබෑමට නියමුවන්ට සිදුවුණා.



Post a Comment

Related Posts

Airline-safe top picks: Power banks for travel
Read more