‘බෝයිං 737 මැක්ස් 9’ ගුවන් යානාවල දෝෂ



 ‘බෝයිං 737 මැක්ස් 9’ ගුවන් යානාවල දෝෂ

‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වීමත් සමඟ ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය, ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා විශේෂ පරීක්ෂණයකට යොමු කළ අතර, එහිදී ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා 79 ක දෝෂ සොයා ගැනුණි.
‘බෝයිං 737 මැක්ස් 9’ යානා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සිදුවූයේ පසුගිය සති අන්තයේ, මගීන් සමඟ පියාසර කරමින් තිබුණු ඇලෙක්සා ගුවන් සේවයට අයත්, ‘බෝයිං 737 මැක්ස් 9’ ගුවන් යානයක කැබින් දොර, හිටිහැටි ගැලවී විසිවී යෑමේ සිද්ධියෙන් අනතුරුවය.
ඇලෙස්කා ගුවන් සේවයට අයත් අංක 1282 නමැති එම ගුවන් යානයේ කැබින් දොර ගැලවී විසිවී ගියේ යානය කැලිෆෝනියාවේ ඔන්ටැරියෝ බලා පියාසර කරමින් තිබියදීය. ඒ වනවිට යානය අඩි 16,000 කට වඩා ඉහළින් පියාසර කරන්න විය.
දොර ගැලවී යෑමත් සමඟ යවානයේ පීඩනය වෙනස් වී එය කඩා වැටීමට ගිය නමුත් නියමුවන්ගේ හපන්කමින් එය එසේ නොවිණි. යානය ඇමෙරිකාවේ ඔන්ටැරියෝ ජනපදයට හදිසි ගොඩබෑමක් කිරීමට නියමුවෝ සමත් වූහ.
ගැලවී විසුවුණු කැබින් දොර පෝට්ලන්ඞ් පිටිසරබද ප්රදේශයකට පතිත විය. එම සිද්ධියෙන් පසු ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා සියල්ල පරීක්ෂාවට ලක් කෙරුණි.
එහිදී ‘බෝයිං 737 මැක්ස් 9’ මගී ගුවන් යානා 79 ක කැබින් දොරවලට සම්බන්ධ ඇණ මුරිච්චි පරීක්ෂා කළ යුතු බවත්, එම ඇණ මුරිච්චි තවත් තද කළ යුතු බව, ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය පරීක්ෂණවලින් නිගමනය කළේය.

Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more