ගුවන් ගමන් 04ක් ප්‍රමාද වෙයි! ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්!



අද (25) දින සිදු වූ ගුවන් ගමන් ප්රමාදය පිළිබඳ ශ්රීලන්කන් ගුවන් සේවය මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ප්රමාදයන්, තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් බව ශ්රීලන්කන් ගුවන් සේවය සඳහන් කර ඇත.
එය කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බව ද එම සමාගම දක්වා තිබේ.
එසේම, ප්රමාදයන් නිසා ඇති වූ අපහසුතාව පිළිබඳ ශ්රීලන්කන් ගුවන් සමාගම සියලු මඟීන්ගෙන් සමාව අයදින බව ද මාධ්ය නිවේදනයේ සඳහන් කර ඇත.
නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්රී ලන්කන් ගුවන් සේවය කටයුතු කරන බව ද දක්වා තිබේ.

Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more