ගුවන් යානා කාර්මිකයෝ 160 ක් සේවය හැර යති

 


ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් පමණ පසුගිය වසර දෙකක කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවත් එහි මේ වන විට ගුවන් යානා කාර්මික ශිල්පීන් 250 ක් පමණක් සේවය කරන බවත් එහි ගුවන් යානා කාර්මික ශිල්පීහූ පවසති.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 415 ක් පමණ සේවයේ සිටිය යුතු බව ද කියන එහි කාර්මික ශිල්පීහූ එම ගුවන් සේවයේ කාර්මික ශිල්පීන්ට විදේශ ප්රධාන ගුවන් සේවාවල ඉහළ ඉල්ලුමක් ඇති බව ද සඳහන් කරති.
ශ්රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා කාර්මික ශිල්පීයෙක් රුපියල් 70,000 ක මූලික වැටුපට සේවයට පැමිණ උපරිම වශයෙන් රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර වැටුපක් ලැබිය හැකි බවත් විදේශ රටවල ඇතැම් ගුවන් සමාගම්වල ගුවන් යානා කාර්මික ශිල්පීන්ට රුපියල් ලක්ෂ 10 ක් වැනි ඉහළ වැටුපක ඉල්ලුමක් ඇති බවත් කාර්මික ශිල්පීහූ සඳහන් කරති.

Post a Comment

Related Posts

Airlines not switching quickly enough to SAF
Read more