ඉන්දීය ගායන ශීල්පී හරිහරන් ලංකාවට



    
දකුණු ඉන්දීය ප්‍රකට සංගීතඥ හරිහරන් යාපනයට පැමිණෙයි, 


දකුණු ඉන්දීය ප්‍රභල සංගීතඥයෙකු වන හරිහරන් මහතා අද(07) දහවල් යාපනය පලාලි ගුවන් තොටුපොළින් යාපනය වෙත පැමිණියා.

එළැඹෙන පෙබරවාරි 09 වැනිදා යාපනය,මුට්ට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් සහභාගිවීමට හරිහරන් මහතා එලෙස යාපනය වෙත පැමිණින.

යාල් එඩුකේෂන් සපොර්ට් ෆන්ඩ් නමැති අරමුදල වෙනුවෙන් අදාළ සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිත බව ප්‍රසංගයේ සංවිධායකයින් පවසති.

ප්‍රකට දකුණු ඉන්දීය නිළියක් වන තමන්නාද අදාළ ප්‍රසංගය වෙනුවෙන් සහභාගිවීමට නියමිත අතර, දකුණු ඉන්දීය සිනමා තරු හා සංගීතඥයින් රැසක් ප්‍රසංගය වෙනුවෙන් සහභාගිවීමට නියමිත බව ප්‍රසංග සංවිධායකයින් සඳහන් කළහ.

දකුණු ඉන්දීය සිනමා නිළියක් වන රම්බා හා නැටුම් අධ්‍යක්ෂකවරයෙකු වන කලා මාස්ටර් නමැත්තාද ඊයේ(06) යාපනය වෙත පැමිණින.

Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more