මාස 06ක් තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රගතිය පෙන්විය යුතුයි – ඇමතිගෙන් ඉලක්කයක්,





රජයෙන් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 510ක පමණ මූල්ය සහනය සමින් ශ්රීලංකන් ගුවන් සේවායේ මෙහෙයුම් සහ මූල්ය ප්රගතිය ඉදිරි මාස 06 තුල පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (11) පෙරවරු‌වේ අමාත්යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
පසුගිය කාලපරිච්ඡේදය තුළ විටින් විට ශ්රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම්වල ඇති වූ ප්රමාදයන් නිසා ගුවන් මගීන්ට සිදුවූ හිරිහැර සහ බාධාවන් හේතුවෙන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ශනයට සහ විවේචනයන්ට ලක්විය.
මේ පිළිබව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මුදල් අමාත්යවරයා ලෙස ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ගුවන් සේවය පවත්වා ගෙන යාමට ඔවුන් විසින් බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ණය ප්රමාණයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කරන ලදී.
ඒ අනුව ආකර්ෂණීය මූල්ය ශේෂ පත්රයක් සම ශ්රීලංකන් ගුවන් සමාගම ඉදිරි මාස 06 තුළ ප්රතිව්යූහගත කිරීමේ ක්රියාවලිය සිදුකිරීමට සැලසුම් කර ඇත. එබැවින් එම මාස 06 තුල ශ්රීලංකන් ගුවන් සමාගමේ අනවශ්ය වියදම් කපා හැර මනා මූල්ය විනයක් සමාගම තුළ ඇති කර යුතු බවත් ඒ සහා පරිපාලනය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය.
එසේ නොවුනොත් 6,000 ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇති වන බව ද අමාත්යවරයා පැවසීය.

Post a Comment

Related Posts

ගුවන් ගමන අතරතුර සෑම තිරයකම අසබ්‍ය  චිත්‍රපටියක් තිරගත වීමෙන් පසු මගීන් ගොළු වෙලා
Read more
ඉරාන-ඊශ්‍රායල් ගැටුම මධ්‍යයේ ශ්‍රීලංකන් ලන්ඩන් ගුවන් යානය යළි හරවා යවයි
Read more
කටාර් එයාර්වේස් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට වරප්‍රසාද දීමනා ගාස්තු ආපසු ගෙව
Read more
ගුවන් නියමුවන් වන ෆාමි සයිනාල් සහ මෛත්‍රී ශ්‍රීක්‍රිෂ්ණා ආරක්ෂිත ගොඩබෑමෙන් පසු ට්‍රිචි ගුවන් තොටුපළෙන් පිටව යයි
Read more