මගීන් ඩොලර් බිලියනයක් වන්දි ඉල්ලයි

පසුගිය ජනවාරි මාසයේදී, ඇලස්කා ගුවන් සමාගට අයත් බෝයිං B 737max යානාවක් පියසැරියක නිරතවෙමින් සිටියදී ම, එහි දොරක් ගැලවී ඉන් ඉවත්ව යාම එම මාදිලියේ යානා වල සුරක්ෂිතභාවය පිළිබඳව මතභේදය ගෙනදෙන්නක් විය.

ඒ පිළිබඳව යලි විමසුමකට ලක්කරමින්, එම යානාවේ ගමන්ගත් මගීන් කිහිපදෙනෙකු විසින් තම මානසිකත්වයට ඒ සිදුවීම් ඔස්සේ එක්කල පීඩනය අභියෝගයට ලක්කරමින් නඩු මගට පිවිසීමට තීරණය කිරීමත් සමගිනි.
එම ඉවත් වූ දොර ආසන්නයේ ආසන පේලි දෙක තුල සිටි මගීන් දෙදෙනෙකු විසින් මෙම තීරනය ගෙන ඇත්තේ ගුවන් යානාව නිපදවූ බෝයිං සමාගමට සහ යානාව මෙහෙයවූ ඇලස්කා ගුවන් සමාගමට එරෙහි වෙමින් ඩොලර් බිලියනයක වන්දියක් බලාපොරොත්තු වෙමිනි.



Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more