ෆ්ලයි ඩුබායි විශේෂ ගුවන් ගමනක් (Charter Flight) කොළඹ සිට ඊශ්‍රායලයට!



ෆ්ලයි ඩුබායි ගුවන්සේවය විසින් කොළඹ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ඩුබායි හරහා ඊශ්‍රායලයේ ටෙල් අවිව් දක්වා ගුවන් ගමන් අංක FZ 8546 යටතේ විශේෂ කුලී ගුවන් ගමනක් (Charter Flight) ක්‍රියාත්මක කළා.  


ඊශ්‍රායලයේ කාෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන 189 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ගුවන්යානයෙන් ඊශ්‍රයාලය වෙත ගමන් කළ බවයි බවයි වාර්තා වන්නේ. 


අද අළුයම 3.30ට පමණ මෙම ෆ්ලයි ඩුබායි ගුවන්යානය ඊශ්‍රායලය බලා පිටත්ව ගිය බව එම ගුවන් සමාගම තහවුරු කළා.


ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මේ වන විට දෛනිකව ගුවන් වාර 3ක් ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කරන අතර එය මේ මස (මාර්තු) 29 සිට ගුවන් වාර 4ක් දක්වා වැඩි කිරීමටද නියමිතයි.

Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more