ෆ්ලයි ඩුබායි විශේෂ ගුවන් ගමනක් (Charter Flight) කොළඹ සිට ඊශ්‍රායලයට!



ෆ්ලයි ඩුබායි ගුවන්සේවය විසින් කොළඹ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ඩුබායි හරහා ඊශ්‍රායලයේ ටෙල් අවිව් දක්වා ගුවන් ගමන් අංක FZ 8546 යටතේ විශේෂ කුලී ගුවන් ගමනක් (Charter Flight) ක්‍රියාත්මක කළා.  


ඊශ්‍රායලයේ කාෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන 189 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ගුවන්යානයෙන් ඊශ්‍රයාලය වෙත ගමන් කළ බවයි බවයි වාර්තා වන්නේ. 


අද අළුයම 3.30ට පමණ මෙම ෆ්ලයි ඩුබායි ගුවන්යානය ඊශ්‍රායලය බලා පිටත්ව ගිය බව එම ගුවන් සමාගම තහවුරු කළා.


ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මේ වන විට දෛනිකව ගුවන් වාර 3ක් ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කරන අතර එය මේ මස (මාර්තු) 29 සිට ගුවන් වාර 4ක් දක්වා වැඩි කිරීමටද නියමිතයි.

Post a Comment

Related Posts

ගුවන් ගමන අතරතුර සෑම තිරයකම අසබ්‍ය  චිත්‍රපටියක් තිරගත වීමෙන් පසු මගීන් ගොළු වෙලා
Read more
ඉරාන-ඊශ්‍රායල් ගැටුම මධ්‍යයේ ශ්‍රීලංකන් ලන්ඩන් ගුවන් යානය යළි හරවා යවයි
Read more
කටාර් එයාර්වේස් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට වරප්‍රසාද දීමනා ගාස්තු ආපසු ගෙව
Read more
ගුවන් නියමුවන් වන ෆාමි සයිනාල් සහ මෛත්‍රී ශ්‍රීක්‍රිෂ්ණා ආරක්ෂිත ගොඩබෑමෙන් පසු ට්‍රිචි ගුවන් තොටුපළෙන් පිටව යයි
Read more