කටුනායක ගුවන් තොටුපොළ පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක්

 

කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය තුළ ඉදිරියේ දී ඇති විය හැකි වසංගත සහ බෝවන රෝග වැනි හදිසි තත්වයන් සදහා මුහුණ දීමට හැකි වන පරිදි ඒවායේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සදහා ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයක් අද කටුනායක ගුවන් තොටුපොළ සිල්ක් රූට් මගී පර්යන්තයේ දී පැවැත්වී තිබෙනවා.


මෙම උපකරණ පරිත්‍යාග කිරීම සඳහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ සංවිධානය ජපාන රජය වෙත යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කර තිබුණා.


කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය වෙත ගමන් මලු සහ සම්පූර්ණ සිරුරු පරීක්ෂා කළ හැකි අධි තාක්ෂණික පරිලෝකන යන්ත්‍ර , මුහුණු හදුනා ගැනීමේ පද්ධති වලින් සමන්විත ස්වයංක්‍රීය ප්‍රත්‍යන්ත පාලන ගේට්ටු , ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ යන්ත්‍ර , ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලයන්හි පහසුව සදහා ස්පර්ශයෙන් තොර සන්වේදක මත ක්‍රියාත්මක සනීපාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත සුහුරු වැසිකිළි 150 ක් , අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් සදහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙම පරිත්‍යාගයන් අතර වනවා.


මෙම අවස්ථාවට වරාය , සිවිල් ගුවන් සේවා සහ නාවුක කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස්.රුවන්චචන්ද්‍ර , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොශි හිඩෙයාකි , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , සංක්‍රමණිකයන් සදහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාළදිවයින සදහා වන ප්‍රධානී සරත් දාස් මහතා ඇතුළු තවත් විශාල පිරිසක් ද සහභාගී වී සිටියා.

Post a Comment

Related Posts

ගුවන් ගමන අතරතුර සෑම තිරයකම අසබ්‍ය  චිත්‍රපටියක් තිරගත වීමෙන් පසු මගීන් ගොළු වෙලා
Read more
ඉරාන-ඊශ්‍රායල් ගැටුම මධ්‍යයේ ශ්‍රීලංකන් ලන්ඩන් ගුවන් යානය යළි හරවා යවයි
Read more
කටාර් එයාර්වේස් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට වරප්‍රසාද දීමනා ගාස්තු ආපසු ගෙව
Read more
ගුවන් නියමුවන් වන ෆාමි සයිනාල් සහ මෛත්‍රී ශ්‍රීක්‍රිෂ්ණා ආරක්ෂිත ගොඩබෑමෙන් පසු ට්‍රිචි ගුවන් තොටුපළෙන් පිටව යයි
Read more