යාපනය ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට

 


යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට බදු දීමට රජය තීරණය කර තිබේ. 


ඒ අනුව, දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.


සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.


මේ අතර, මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් ඉන්දීයාවේ හා රුසියාවේ සමාගම් දෙකකට පැවරීමේ යෝජනාව මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ සඳහා ඉදිරිපත් කර ඇති බවද ඇමතිවරයා කීය.

Post a Comment

Related Posts

Airlines not switching quickly enough to SAF
Read more