එලෝන් මස්ක් ගේ Space X



සුප්‍රකට Space X, ආයතනය නිතරම තම කටයුතු වලදී බොහෝ වෙනස් ආකාරයේ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරන ආකාරය අපට දකින්න පුළුවන්.


එලෝන් මස්ක් තමන්ගේ ක්‍රියාකාරකම් නිතරම අනපේක්ෂිත වෙනස්කම් වලට ලක් කරනවා.


එය තමයි Space X හි සාර්ථකත්වය 


රොකට් යැවීමේ දී ඉන් ඉවත් වන බූස්ටර් කොටස සාමාන්‍යයෙන් ආරක්ෂිත සාගර හෝ ගොඩබිම් කලාපයකට පතිත වීමට සැලැස්වීම තමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ.



ඒත් මේ පතිත වීමේ අවදානම් ස්වභාවය තරමක් වැඩි බව තේරුම් යන්නේ, ආපසු පැමිනෙන බූස්ටර් කොටසේ ගමන් මගෙහි සිදුවන වෙනස් වීමක් ජිවිත/ දේපල හානි රැසකට මග පෑදිය හැකි නිසයි


ඒ වගේම පරිසර හානිය.  


නමුත් Space X විසින් මෙම අවදානම පසුගිය දා වෙනස් කරන්නට මූලාරම්භය ලබා දුන්නා.


ඒ තමන් අභ්‍යවකාශ ගත කල රොකට්ටුකින් ඉවත් වූ බුස්ටර් කොටස ආපසු ඔවුන්ගේම පාලන මධ්‍යස්ථානයටම ගෙන්වා ගැනීමට කටයුතු කිරීම තුලින්.


පැයකට කිලෝමීටර් 27 000 ක පමන ආසන්න වේගයකින් පොළොව කරා පැමිනෙන බුස්ටර් කොටසක් Space X හි රදවනයන් මතට ගෙන්වාගෙන ආරක්ෂිතව සාර්ථකව රදවා ගැනීමට හැකිවීමේ පර්යේෂනය සාර්ථකව වීම එම ක්ෂේත්‍රය ලත් සුවිශේෂී ජයග්‍රහණයක්.


එසේම, බුස්ටර් කොටස නැවත භාවිතයට ගත හැකි වීම ඔස්සේ ආර්ථික වශයෙන් වාසි රැසක් ද අත්වනවා.


පරිසර සංරක්ෂණය සදහා දායකත්වය දක්වන්නක් සේම ජන ජීවිත වලට ඇතිවන අනාරක්ෂිත බව ද ඉන් දුරස් වනවා.

Post a Comment

Related Posts

ගුවන් ගමන අතරතුර සෑම තිරයකම අසබ්‍ය  චිත්‍රපටියක් තිරගත වීමෙන් පසු මගීන් ගොළු වෙලා
Read more
ඉරාන-ඊශ්‍රායල් ගැටුම මධ්‍යයේ ශ්‍රීලංකන් ලන්ඩන් ගුවන් යානය යළි හරවා යවයි
Read more
කටාර් එයාර්වේස් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට වරප්‍රසාද දීමනා ගාස්තු ආපසු ගෙව
Read more
ගුවන් නියමුවන් වන ෆාමි සයිනාල් සහ මෛත්‍රී ශ්‍රීක්‍රිෂ්ණා ආරක්ෂිත ගොඩබෑමෙන් පසු ට්‍රිචි ගුවන් තොටුපළෙන් පිටව යයි
Read more